පක්ෂ දෙකකින්ම හාමුදුරුවෝ නම දීලා - මැ. කො. නීති උපදෙස් ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
20

පක්ෂ දෙකකින්ම හාමුදුරුවෝ නම දීලා - මැ. කො. නීති උපදෙස් ඉල්ලයි

පක්ෂ දෙකකින්ම හාමුදුරුවෝ නම දීලා - මැ. කො. නීති උපදෙස් ඉල්ලයි

මහ මැතිවරණය සඳහා භික්ෂූන් වහන්සේ නමක් දේශපාලන පක්ෂ දෙකකින් තරග කිරීමට ඉදිරිපත් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීති අංශයෙන් උපදෙස් ඉල්ලා තිබේ.



පූජ්‍ය කොලොන්නේ සිරි ශාන්ත විජය හිමියන් රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් මෙසේ මැතිවරණයට ඉදිරිපත්ව ඇත. ජනසෙත පෙරමුණෙන් සහ අපේ ජනබල පක්ෂය යන පක්ෂ දෙකෙන් උන්වහන්සේ නාම යෝජනා පත‍්‍ර භාරදී ඇති බවට මේ පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව කොමිසම නීති අංශයෙන් උපදෙස් පතා තිබේ.



නාම යෝජනා භාරදෙන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය මේ පිළිබඳව විරෝධය පළ කර ඇති අතර, එසේ නමුත් මෙම නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට බලයක් නොමැති නිසා ඒ පිළිබඳව මැතිවරණ කාර්යාලය එම නාම යෝජනා පත‍්‍ර දෙකම පිළිගෙන ඇතැයි වාර්තා වේ.



මේ අතර තරග කරනු ලබන ශාන්ත විජය හිමියන් තමන් ජනසෙත පෙරමුණන් පමණක් තරග කරන බවට මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

 

views

783 Views

Comments

arrow-up