ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධුරය ප්‍රසන්න රණවීරට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
21

ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධුරය ප්‍රසන්න රණවීරට

ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධුරය ප්‍රසන්න රණවීරට

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාව පත්කර තිබේ. 

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම ලබාදී ඇත. 

 

කෙසේවෙතත් පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ මාර්තු 03 වනදා වන අතර එදිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද ආණ්ඩුව සූදානමින් පසුවනවා

 

2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළිය සමයේදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන්ට සහ පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළේ ප්‍රසන්න රණවීර මහතා විසින් වන අතර ඔහු පසුව ප්‍රකාශ කර තිබුණේ ඊට තම පක්ෂයේ බොහෝදෙනා සම්බන්ධවී සිටි නමුත් අවසානයේ වගකීම තමන් පිට පමණක් පැටවුණු බවකි. 

 

එසේම ඉදිරි ආණ්ඩුවෙහි කැබිනට් අමාත්‍යධුරයක් තමන්ට ලැබෙනු ඇති බව ද ඒ මහතා සඳහන් කර තිබුණේ පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉන්දීය සංචාරයකට ද සහභාගී වීමෙන් අනතුරුවය. 

 

views

593 Views

Comments

arrow-up