හලාවත එකම පවුලේ 5 දෙනෙක්ට කොරෝනා - මාස 04 ක බිලිඳෙක් ඒ අතර

හලාවත ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයා ගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක්ට එම වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.
මෙම පුද්ගලයා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහුගෙන් නිවැසි යන් ට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කලේ.
මෙලෙස කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ එම පවුලේ සාමාජිකයින් අතර මාස 04 ක් වයසැති බිලිඳෙක් ද වන බවයි ඇය සඳහන් කලේ.
මේ හේතුවෙන් මෙම මස 10 වෙනිදා සිට විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට වහාම නිවසේදීම ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දෙන බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරිය ඒ හරහා සිය පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි බවද කියා සිටියා.
Source - Neth
755 Views
Comments