ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහය දක්වන්න අපේක්ෂකයෝ 13 ජනපති සටනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහය දක්වන්න අපේක්ෂකයෝ 13 ජනපති සටනේ

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහය දක්වන්න අපේක්ෂකයෝ 13 ජනපති සටනේ

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

 

මෙසේ හඳුනාගනු ලැබ ඇති අපේක්ෂකයන් 13 දෙනකුගෙන් හත් දෙනකු එක් ප්‍රධාන අපේක්ෂකයකුට සහයෝගය දක්වන අතර, හය දෙනකු අනික් ප්‍රධාන අපේක්ෂකයාට සහයෝගය දක්වන බව ද මහින්ද දේශප්‍රිය මහතා “ඬේලි මිරර්” පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළා.

 

මෙම අපේක්ෂකයන්ට එරෙහිව පියවර ගැනීම පිළිබඳව කොමිසම සලකා බලාගෙන යන බව ද ඔහු පැවසුවා.

මෙම අපේක්ෂකයන් ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දෙන්නේ කෙසේ දැයි විමසූ විට දේශප්‍රිය මහතා පැවසුවේ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවයි. එපමණක් ද නොව, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ මැතිවරණ වේදිකාවල සිට ජනතාව අමතා ඇති බව ද ඔහු කියාසිටියා.

 

මැතිවරණවලට තරග කිරීමේදී තැන්පත් කළ යුතු ඇප මුදල වැඩි කිරීම සහ මෙවැනි ක්‍රියාවල යෙදෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම මෙවැනි ක්‍රියා වැළැක්වීමට ආධාර වනු ඇති බව ද දේශප්‍රිය මහතා සදහන් කළා.

 

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ රාජකාරි අනවශ්‍ය ලෙස වැඩිවීමට හේතු වී ඇති බව ද ඔහු කියා සිටියා.

 

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකාව ඉතා දිගු බවත්, මේ නිසා අමතර ඡන්ද පෙට්ටි අවශ්‍ය වී ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසුවා.

ඩේලිමිරර් පුවත් පතින්

views

623 Views

Comments

arrow-up