තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ 06 දෙනෙකු නාවික හමුදා බාරයට (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ 06 දෙනෙකු නාවික හමුදා බාරයට (VIDEO)

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ 06 දෙනෙකු නාවික හමුදා බාරයට (VIDEO)

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 03 වන දින ත්‍රිකුණාමලය, බැක්බේ මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා.

 

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ මෙම පුද්ගලයින් නාවික හමුදා බාරයට ගෙන ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 56 ත් අතර පසුවන ත්‍රිකුණාමලය, නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 30 ක් සහ මීටර් 225 දිගැති තහනම් දැලක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

 

එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරුණා.

 

මෙවැනි නීති විරෝධී ක්‍රම භාවිතා කර මසුන් ඇල්ලීම තුලින් සාගර සම්පත් විශාල වශයෙන් විනාශයට පත්වන අතර, එබැවින් මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටියි.

 

 

views

647 Views

Comments

arrow-up