ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා හෙට උදැසන ඉවත් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා හෙට උදැසන ඉවත් කෙරේ

ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා හෙට උදැසන  ඉවත් කෙරේ

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක තවදුරටත් හුදකලාභාවය පවතින බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

 

කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හා බොරැල්ලේ පිහිටි වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කර පවතී.

 

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජා - ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේ ද සංචරණ සීමා හෙට උදෑසන ඉවත් කෙරේ.

 

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5ක සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වෙන බව යුදහමුදාපතිවරයා සඳහන් කළේය.

 

 

 

 

 

 

 

views

796 Views

Comments

arrow-up