ගොවි ණය කපා හරින්න ජනපති කඩිනම් වාර්තාවක් ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

ගොවි ණය කපා හරින්න ජනපති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

ගොවි ණය කපා හරින්න ජනපති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

ගොවි ජනතාව විසින් ලබාගෙන ඇති ණය කපා හැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

 

ඒ සඳහා වාර්තාවක්, සතියක් ඇතුළත සකස් කිරීමට නියමිතය. කෘෂිකාර්මික කටයුතු සඳහා රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණය මෙහිදී කපා හැරීමට නියමිතයි. 

 

ගොවි ජනතාව පෞද්ගලික බැංකුවලින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති ණය කපාහැරීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශය පවසයි.

 

ණය ලබාගත් ගොවීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කර බලා අදාළ වාර්තාව සකස් කිරීමට නියමිතය. ණය කපාහැරීම සඳහා වසරකට ආසන්න කාලයක් ගත වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

views

883 Views

Comments

arrow-up