තවත් කොරෝනා ආසාදිතයින් 274 ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 274 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.
මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 19 දහස් 237 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 22 දහස් 775 ක් බවට පත්වනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6012 ක්.
මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 430 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 16 656 දක්වා ඉහළ යනු ඇති. මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 531 ක්.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 107 ක් වාර්තා වී තිබෙනවා.
764 Views
Comments