කොටි මහවිරු සැමරුම් වෙනුවෙන් උතුරේ වැඩසටහන් රැසක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

කොටි මහවිරු සැමරුම් වෙනුවෙන් උතුරේ වැඩසටහන් රැසක්

කොටි මහවිරු සැමරුම් වෙනුවෙන් උතුරේ වැඩසටහන් රැසක්

කොටිනායක ප්‍රභාකරන්ගේ උපන්දිනය හා මහවිරු සැමරුම් දිනයන් යෙදී ඇති නොවැම්බර් මස 26 සහ 27 දිනයන් වෙනුවෙන් මේ දින වල උතුරේ ස්ථාන කිහිපයක පෙර සූදානම් වැඩසටහන් රැසක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

නොවැම්බර් මස 27 වෙනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සැමරීම සදහා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ  යාපනයේ කෝපායී ප්‍රදේශයේ  ඉඩමක් සුද්ද  පවිත්‍ර කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.

 

එමෙන්ම යාපනය වැල්වැටිතුරෙයි , කෝපායි ඇතුළු  ප්‍රදේශ කිහිපයකද කිලිනොච්චිය කනකපුරම් ,විෂ්වමඩු, මුලතිව් මුල්ලියාවලෙයි, මුල්ලිවයික්කාල්, මන්නාරම වෙඩිතලතිව්, වවුනියාව ඊච්චන්කුලම් ආදි ප්‍රදේශයන්හි යුද සමයේදී පැවති මහවිරු සුසාන භූමි තිබූ ස්ථානයන්හි මේ වසරේද මහවිරු සැමරුම් පැවැත්වීමට සංවිධායකයින් විසින් පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

 

මහවිරු සැමරුම් සිදු කෙරෙන  ස්ථාන පෙර සූදානම් කටයුතු උතුරේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් සිදු කිරීමට පියවර ගෙන ඇත.

source : ada.lk අද පුවත්පත්  වෙබ්අඩවියෙන්

views

692 Views

Comments

arrow-up