ලෝක කුසලාන පාවා දීමේ පරීක්ෂණ අවසන් : චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
03

ලෝක කුසලාන පාවා දීමේ පරීක්ෂණ අවසන් : චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නැහැ

ලෝක කුසලාන පාවා දීමේ පරීක්ෂණ අවසන් : චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නැහැ

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා සඳහන් කර සිටිනවා.

 

“මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම අයි.සී.සී. එකට ලිපියොමු කළා කිව්වත් අයි.සී.සී. ප්‍රතිචාර දක්වලත් නෑ. අයි.සී.සී. පරීක්‍ෂණයක් කරලත් නැති බවට පෙනී ගොස් තිබෙනවා.

 

සියලුම ක්‍රීඩකයන් ගෙන්වලා කටඋත්තර ගැනීම ආදෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීමක් බවට මෙය පත්වෙලා තියෙනවා. මෙය ලොකු ගැටලුවක් ඇතිවන්න පුළුවන්.

 

විශේෂ විමර්ශන ඒකකයය විසින් කටඋත්තර ගත්ත තිදෙනාම සාධාරණ හේතු කියලා තියෙනවා. විශේෂයෙන්ම කණ්ඩායම් මාරු කළේ ඇයි කියලා. අනික මේක 2011 වසරේ සිද්ධියක්.

 

මේ සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය නොකර මේ පැමිණිල්ල අපිට යොමු කළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලෙක්ම්තුමාට වාර්තාවක් යවන්න කටයුතු කරනවා.” යැයි ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානි යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා සඳහන් කර සිටියි.

 

views

845 Views

Comments

arrow-up