අද පහසුකම් නොදුන්නොත් PHI ලා හෙට කොරෝනා සටනින් ඉවත් වීමට තීරණය කරයි

මුඛ ආවරණ දෑත් පිරිසුදු කිරීමේ ද්‍රව්‍ය වැනි අවම ආරක්ෂිත පහසුකම්වත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම නිසා කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ රාජකාරිවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඊයේ (1 වැනිදා) පස්වරුවේ තීරණය කර තිබේ.
රාජකාරි ඉටු කිරීමේදී මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමැති පවිත්‍රා වන්නිආරච්චි පසුගිය ඉරිදා දැනුවත් කළද මෙතෙක් එම ගැටලුවලට විසඳුම් නොලැබීම නිසා මෙම තීරණය ගත් බව සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.මෙම ඉල්ලීම්වලට අද (2වැනිදා) දිනයේ විසඳුමක් ලබානොදුනහොත් හෙට (3 වැනිදා) සිට වසංගතය පාලන කටයුතුවලින් ඉවත්වන බව එම සංගමය පවසයි.
SOURCE : ARUNA
785 Views
Comments