දැන් මෙරට ව්‍යාප්ත වන්නේ 'B.1.42' කොවිඩ්-19 ප්‍රබල වෛරස් ප්‍රභේදයක් - ශ්‍රී ජ'පුර විශ්වවිද්‍යාලය

මේ වන විට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසය ‘B.1.42‘ යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය හා අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ පර්යේෂකයින් විසින් මෙම පරීක්ෂණය පසුගියදා සිදු කරනු ලැබුවා.
මීට පෙර මෙරට හමුවු කන්දකාඩු පොකුර B.1, B.2, B 1.1 සහ B.4 යන කාණ්ඩවලට අයත් වේ.
මේ පිළිබඳව විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ සටහන් වන්නේ එම පරීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව ඉකුත් සමයේ මෙරට පැවති වෛරසයට වඩා මෙවර පැමිණ ඇති වෛරසය දැඩි ආසාදන මට්ටමකින් යුක්ත බවත් මේ හේතුවෙන් වෛරසය සීඝ්‍රයෙන් පැතිරී යන බවයි.
අදදෙරණ “BIG FOCUS“ වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.
“මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා මහාචාර්ය නීලිකා මලවිගේ තමයි පරීක්ෂණය කළේ. අද උදේ මට දැනගන්න ලැබුණා ඇය හොයා ගෙන තියෙනවා මේ වෛරසය ඉස්සෙල්ලා කන්දකාඩු, නේවි නැතිනම් ඊට කලින් අපිට හමුවන වෛරසය නෙමෙයි වෙන වේරියන්ට් එකක්. මේකේ විශේෂ දෙයක් තියෙනවා මේක ඉතාමත් දරුණු ලෙස අනිත් අයට පතුරවන්න හැකියාවක් තියෙනවා කියලා ඇය හොයා ගෙන තියෙනවා. ඒ විශේෂ ලක්ෂණය මේ වෛරස් එකේ තියෙනවා. ඒක තමයි ඉතාම කෙටි කාලයකින් විශාල පුද්ගලයින් ප්‍රමාණයකට මේක පැතිරෙන්න හේතුව.... B.1.42 කියන වෛරස් එකක්.කොවිඩ් වෛරස් එකක්ම තමයි සාස් වෛරස් එකක්. ඇයට කියන්න බෑ මේක එංගලන්තයේ තිබුණ එක ද අමෙරිකාවේ තිබුණ එකද කියලා. මොකද ඇය සතුව ඒ පරීක්ෂණ නෑ. නමුත් ඇය දිගටම පරීක්ෂණ කරනවා කොහේ හරි රටකට සම්බන්ධයක් ඇති කර ගන්න පුළුවන් ද කියලා. එකක් පැහැදිලිව කියන්න පුළුවන් මේක අපිට තිබුණ එකක් නෙමෙයි පිටරටකින් අපිට ආපු එකක් කියලා.“
විද්‍යාඥයින් කණ්ඩායම
වැඩිදුර තොරතුරු >>> Whole genomic sequencing of the SARS-CoV2 strains resulting in the massive outbreak in Sri Lanka in October 2020 by scientists of USJ
source : University of Sri Jayewardenepura / Adaderana
1078 Views
Comments