පැහැරගත් බව කියන ශ්‍රියාලතාගේ සහ ඇගේ සැමියාගේ ප්‍රකාශ එකිනෙකට වෙනස් වේ !
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

පැහැරගත් බව කියන ශ්‍රියාලතාගේ සහ ඇගේ සැමියාගේ ප්‍රකාශ එකිනෙකට වෙනස් වේ !

පැහැරගත් බව කියන ශ්‍රියාලතාගේ සහ ඇගේ සැමියාගේ ප්‍රකාශ එකිනෙකට වෙනස් වේ !

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ ගානියා බැරිස්ටර් හෙවත් ශ්‍රියාලතා පෙරේරා හා ඇගේ සැමියාගෙන් ලබාගත් ප්‍රකාශ එකිනෙකට පරස්පර බවත්, පැහැර ගැනීමක් සිදුවූ බව කියන සිද්ධිය හිතාමතා ශ්‍රී ලංකා රජය අපහසුතාවය පත්කිරීමට කළ සැලසුමක් බවටත් දින හතරක් තිස්සේ ලබාගත් ප්‍රකාශ අනුව හෙළිවෙමින් ඇති බවත් ඉහළ පෙළේ පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

 

ගානියා බැරිස්ටර් හා ඇගේ සැමියා සිද්ධියට සම්බන්ධ ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම මෙන්ම, ගනියා බැරිස්ටර් පැහැරගැනීම සිදුවූ බව කියන කාලය සම්බන්ධවද පරස්පරතා මතුවී ඇත. කාන්තාව පැහැරගත්තේ කොල්ලුපිටිය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට දරුවන්ගේ රැස්වීමකට ගිය මොහොතේ බවට ස්විස් තානාපති කාර්යාලය කළ පැමිණිල්ලේ සඳහන් වුවත් එය අසත්‍යයක් බව විමර්ශනවලදී තහවුරු විය.


ඉන්පසුව ගානියා විසින් ප්‍රකාශ කර තිබුණේ තමන් බම්බලපිටියේ ගුරුවරියකගේ නිවසට ගිය මොහොතේ නාඳුනන කණ්ඩායමක ග්‍රහණයට ලක්වූ බවය. මෙම නිවසේ කාන්තාවගෙන්ද මුලදීම රහස් පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබුණද එහිදී ඒ බවක් අනාවරණය නොවීය.

 

ගුරුවරියගේ හා ඌබර් රථ රියැදුරුගේ ප්‍රකාශ අනුව ගානියාගේ ප්‍රකාශ පරස්පර බවත් ඇය කියන ආකාරයට වෙනත් පාර්ශ්වයක ග්‍රහණය ලක්වීමට ඇයට ඉතිරිව තිබී ඇත්තේ විනාඩි අටක පමණ කාලයක් බවත් විමර්ශනවලින් හෙළි වී ඇත. මුල් පැමිණිල්ලට අනුව ඇය පැය එකහමාරක් පමණ නාඳුනන පිරිසකගේ ග්‍රහණයට ලක්වූ බව කියැවිණි. ගානියාගෙන් පෙරේදා (10 වැනිදා) දිනයේ රාත්‍රී 11.00 පමණ වනතුරු ප්‍රකාශ ලබාගෙන තිබූ අතර ස්විස් තානාපති කාර්යාලයේ වෛද්‍යවරයාද එහි පැමිණ තිබිණි.

 

ඊයේ (11 වැනිදා) යළි ඇයව ප්‍රකාශ සඳහා කැඳවා තිබුණු අතර අද (12 වැනිදා) යළි අධිකරණය හමුවට සියලු සාක්ෂි සහිතව කරුණු දැක්වීම සඳහා නීතිපති උපදෙස් ලබාගෙන තිබේ.

views

769 Views

Comments

arrow-up