උත්සව ශාලා හිමියන්ගෙන් රජයට ඉල්ලීමක්

උත්සව ශාලාවල ධාරිතාවයෙන් සියයට 50 ක පුද්ගලයන් සංඛ්‍යාවක් උත්සව අවස්ථා සඳහා සහභාගි කරගැනීමට අවස්ථාව සළසා දෙන ලෙස සමස්ත ලංකා උත්සව ශාලා හිමියන්ගේ සහ ආහාර සපයන්නන්ගේ සංගමය ඉල්ලීමක් කළා.
මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය පැවසුවේ මල් සපයන්නන්, ඡායාරූප ශිල්පීන්, ආහාර පිසින්නන් ඇතුලු උත්සව ක්ෂේත්‍රයට අදාළ රැකියාවලින් යැපෙන පුද්ගලයන් ලක්ෂ 6 කට පමණ මේ වන විට සිය ආදායම් අහිමිවී ඇති බවයි.
ණය වාරික ගෙවීමට මාස හයක සහන කාලයක් ලබාදුන්නද මේ වනවිට එයද අහිමිවී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
760 Views
Comments