ලොරි බස් වෙනුවට ලංකාවට නියම බස් - මිලදී ගැනීමට සහන ණය

පෞද්ගලික බස් කර්මාන්තය නගා සිටුවීම සඳහා බස් රථ මිලදී ගැනීමට 4 % ක සහන පොලී පදනම යටතේ ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, සහන පදනම මත ණය හිමි වන්නේ පහත් පතුල් සහිත බස් රථ මිලදී ගැනීමට පමණක් බවයි.
ඉදිරියේදී ලොරි චැසිවල අටවන ලද බස් රථ වෙනුවට නියම බස් රථ මගී ප්‍රවාහනය සඳහා යෙදවීම රජයේ අරමුණ බවද ඔහු පැවසුවා.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ බස් රථ සඳහා වෙන්වූ දෙවැනි ප්‍රමුඛතා මං තීරුව බොරැල්ලේ සිට පිටකොටුව දක්වා ලබන 22 වැනිදා සිට ආරම්භ කරන බවයි.
මොරටුව කුරුස හන්දියේ සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක පළමු ප්‍රමුඛතා මං තීරුව සාර්ථක බවද ඔහු සඳහන් කළා.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මීට අමතරව බස් රථ ගමන් ගන්නා වේලාව පිළිබඳ මගීන්ට දැනුවත් වීම සඳහා පැසන්ජර් ඇප් නමින් නව මෘදුකාංගයක් ලබන සතියේ හඳුන්වා දෙන බවයි.
1263 Views
Comments