චීනයෙන්, ඩොලර් මිලියන 500 ක ණයක් ලැබුණු බව මහබැංකුව තහවුරු කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
03

චීනයෙන්, ඩොලර් මිලියන 500 ක ණයක් ලැබුණු බව මහබැංකුව තහවුරු කරයි

චීනයෙන්, ඩොලර් මිලියන 500 ක ණයක් ලැබුණු බව මහබැංකුව තහවුරු කරයි

රජය විසින් චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ඇමෙරිකා ඩොලර් මිලියන 500 ක ණයක් ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. පෙරේදා (01 වැනිදා) මහ බැංකුව විසින් අනාවරණය කරන ලද තොරතුරුවලට අනුව පසුගිය මාර්තු මාසයේදී රජයට දිගුකාලීන ණය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 588 ක් ලබා දී ඇති අතර ඊට මෙම චීන ණය මුදලද ඇතුළත් වේ.

 

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් විදේශීය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් විදෙස් මුදල් පිටතට ගලා ඒම වාර්තා වී ඇති අතර, ඊට සමගාමීව 2020 වසරේ පළමු මාස තුන ඇතුළත මෙරට සුරැකුම්පත් වෙළෙඳපොළින්ද මාර්තු මාසයේ ඉවතට ගලා ගිය ඩොලර් මිලියන 261 ක්ද, ඇතුළත්ව ඩොලර් මිලියන 361 ක් පිටතට ගලා ගොස් ඇත.

 

මේ අතරතුර කොළඹ කොටස් වෙළෙඳපොළින්ද 2020 වසරේ මුල් මාස තුන ඇතුළත ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක ශුද්ධ පිටතට ගලා යෑමක් වාර්තා වේ. මාර්තු මාසයේදී කොටස් හුවමාරුවේ තැන්පත් ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය මිලියන හයකි.

 

views

690 Views

Comments

arrow-up