වනිඳු හසරංගට යළිත් තරඟ තහනමක් - කුසල් මෙන්ඩිස් ගැනත් තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

වනිඳු හසරංගට යළිත් තරඟ තහනමක් - කුසල් මෙන්ඩිස් ගැනත් තීරණයක්

වනිඳු හසරංගට යළිත් තරඟ තහනමක් - කුසල් මෙන්ඩිස් ගැනත් තීරණයක්

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට යළිත් ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (19) පියවර ගත්තේය.

 

ඒ, බංග්ලාදේශය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයේදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙනි.

 

බංග්ලාදේශය සමග පෙරේදා පැවති තරගයේදී වනිඳු හසරංග විනිසුරු තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙලෙස තීරණය කර තිබේ.

 

බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේදී වනිඳු හසරංග විසින් විනිසුරුවරයෙකුගෙන් ඔහුගේ හිස්වැසුම උදුරා ගැනීමක් සිදු කළ බවත්, ඉන් විනිසුරුවරයා සමච්චලයට ලක් කිරීමක් සිදුවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙයි.

 

මෙම වරද හේතුවෙන් වනිඳුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණු 3ක් පනවා ඇති අතර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක්ද නියම කර තිබේ.

 

ඒ අනුව මාස 24ක් තුළ ඔහුගේ දඬුවම් ලකුණු ප්‍රමාණය ලකුණු 8 දක්වා ඉහළ යාම හේතුවෙන් ඔහුට එරෙහිව ටෙස්ට් තරග දෙකක් හෝ එක්දින තරග 4ක් හෝ 20-20 තරග 4ක තහනමක් පැනවෙනු ඇති.

 

ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමගත් වනිඳු හසරංග බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය සඳහා ඊයේ නම් කර තිබුණි.

 

ඒ අනුව බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වනිඳු හසරංගට අහිමි වෙයි.

 

යම් හෙයකින් වනිඳු හසරංග ටෙස්ට් සංචිතයට නම් කර නොතිබුණේ නම් එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී වනිඳුට පළමු තරග 4 අහිමිවීමට ඉඩ තිබුණි.

 

මින්පෙර ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගාවලියේදී විනිසුරු තීරණයක් විවේචනය කිරීම හේතුවෙන් වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පැනවීම හේතුවෙන් බංග්ලාදේශය සමග පැවති පළමු 20-20 තරග දෙකද ඔහුට අහිමි වුණි.

 

මේ අතර පෙරේදා තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස්ටද තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් නියම කර තිබේ.

views

74 Views

Comments

arrow-up