කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය ලබන සතියේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය ලබන සතියේ

කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය ලබන සතියේ

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන සතියේ 6,7 සහ 8 යන දින තුනේදී  පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

 

යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන 8 වැනිදා පස්වරු 5.30ට පැවැත්වීමටද එහිදී තීරණය කෙරිණ.

 

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර දෙනු ලැබුවේ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි.

 

ඖෂධ හිඟය, ඇතැම් ඖෂධ භාවිතා කිරීමෙන් පසු රෝගීන් මිය යෑම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම් පදනම් කරගෙන විපක්ෂය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.
 

views

227 Views

Comments

arrow-up