මී මැස්සන් මිලියන 5ක් බේරා ගැනීමේ මෙහෙයුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

මී මැස්සන් මිලියන 5ක් බේරා ගැනීමේ මෙහෙයුමක්

මී මැස්සන් මිලියන 5ක් බේරා ගැනීමේ මෙහෙයුමක්

කැනඩාවේ ට්‍රක් රථයකින් මී මැස්සන් මිලියන 5ක් රැගෙන යමින් සිටිය දී මී මැස්සන් බිමට වැටී තිබෙන අතර බිම වැටුණු මී මැස්සන් බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

 

 

 

මී වද ප්‍රවාහනය කරමින් තිබිය දී ඒවා රඳවා තිබු පටි ගැලවී යාමෙනුයි මී මැස්සන් මෙලෙස පාරට වැටී ඇති බව වාර්තා වෙයි.

 

 

ඒ සමඟම ප්‍රදේශයෙන් හැකිතරම් ඉවත් වන ලෙස එරට පොලිසිය ජනතාවට අනතුරු අඟවා තිබේ.

 

 

මෙසේ මී වද ප්‍රවාහන කර ඇත්තේ ශීත සෘතුව හේතුව නිසාවෙන් වන අතර මී මැස්සන් එනකු කිරීම සඳහා මී මැසි පාලකයන් බොහෝ පිරිසක් එක්ව සිටි ආකාරය මාධ්‍ය වාර්තා කළා.

 

 

මී මැස්සන් මීටර් 400ක දුර ප්‍රමාණයක් තුළ විසිරී සිටින ලදී.

 

 

ට්‍රක් රථයේ රියදුරු ආරක්ෂිත ඇදුමකින් සැරසී නොසිටීම නිසා සිය වතාවකට වඩා මී මැස්සන් දෂ්ඨ කර තිබෙන බව සඳහන් ව්.

views

235 Views

Comments

arrow-up