යාපනය - මහනුවර ඒ9 මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

යාපනය - මහනුවර ඒ9 මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට

යාපනය - මහනුවර ඒ9 මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට

මාන්කුලම් පොලිස් වසමේ ඊයේ (11) උදෑසන කාලයේ සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබුණි. 

 

යාපනය සිට මහනුවර මාර්ගයේ කොකාවිල් ප්‍රදේශයේදී වව්නියාවේ සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිශාවටම ධානවය වූ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී ලොරි රථයේ පිටුපස ගැටී එම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි.

 

අනතුරින් බරපතල තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු කිලිනොච්චිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව එක් කාන්තාවක්  මියගොස් තිබේ.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 84 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු මාන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

views

211 Views

Comments

arrow-up