ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය ධීවරයෝ විරෝධයේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය ධීවරයෝ විරෝධයේ

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය ධීවරයෝ විරෝධයේ

උතුරු මුහුදු සීමාවේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමනාදපුරම්හි ධීවර වාඩි දෙකක ධීවරයින් කලුකොඩි විරෝධතවක නිරත වෙමින් දින නියමයක් නොමැතිව ධීවර කටයුතු වලින් ඉවත්ව ඇත.

 

රාමනාදපුරම්හි පාම්බන් සහ නම්පුදාලෙයි යන ධීවර වරායන්හි ධීවර යාත්‍රා 400 කට ආසන්න ප්‍රමාණයක් වරායන්හි ගාල් කොට ධීවර කටයුතුවලින් මෙලෙස ඉවත්ව සිය විරෝධය පාමින් සිටිති.

 

විරෝධය පාමින් සිටින ඉන්දීය ධීවරයින් පවසා සිටියේ ගෙවුනු සති දෙකක කාලය තුලදී උතුරු මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 25දෙනා වහාම නිදහස් කිරීමට පියවර ගත යුතු බවටත් ඒ සඳහා ඉන්දීය මධ්‍යම රජය මැදිහත්ව කටයුතු කළ යුතු බවත් ය.

views

196 Views

Comments

arrow-up