මුළු දිවයිනටම ඉරිදා ඇදිරිනීතිය - නවතම නිවේදනය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

මුළු දිවයිනටම ඉරිදා ඇදිරිනීතිය - නවතම නිවේදනය මෙන්න

මුළු දිවයිනටම ඉරිදා ඇදිරිනීතිය - නවතම නිවේදනය මෙන්න

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු දිස්ත්‍රික්කවල ලබන සෙනසුරාදා (16) තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙයි. 

 

මැයි 17, ඉරිදා මුළු දවසම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

 

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි මස 18 වන සඳුදා අලුයම 5.00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක  වනුයේ රාත්‍රී  8.00 සිට අලුයම 5.00 දක්වා පමණි. 

 

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආර්ථික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙළ ලබන 16 සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි 18 සඳුදා සිට නැවත ඉදිරියට ගෙන යනු ලැබේ. 

 

කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළකොන්දේසි නොවෙනස්ව පවතී.

 

 

 

views

999 Views

Comments

arrow-up