මහමැතිවරණ පෙත්සම් විභාගයට පංචපුද්ගල විනිසුරු මඩුල්ලක්

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. අගවිනිසුරුවරයායි එම විනිසුරු මඩුල්ල පත්කර ඇත්තේ.
පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා පෙත්සම් 7ක් මේ වන විට ගොනුකර තිබෙනවා. එම පෙත්සම් ලබන 18 සහ 19 යන දිනවලදී සලකා බැලීමට නියමිතයි.
ඒ සදහා අද (14) පත්කර ඇති විනිසුරු මඩුල්ල අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විතයි.
නීතීඥ චරිත ගුණරත්න මහතා මීට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මුලින්ම ගොනුකළා.
ඉන් පසුව ජාතික සමගි ජනබලවේගය ඇතුලු දේශපාලන පක්ෂ කිහිපයක් සහ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සෙසු පෙත්සම් ගොනුකර තිබුණා.
616 Views
Comments