කරුණා ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ මෙවර මහ මැතිවරණයේදී සිය පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයෙකු නොවන බව ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අවධාරණය කරනවා. තමන් එක් රැයකින් යුද්ධ හමුදා සාමාජිකයින් 2000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළ බවට ඉකුත් දා ඔහු සිදුකළ ප‍්‍රකාශයත් සමග දේශපාලන වේදිකාවේ ඒ පිළිබඳ දැඩි කථාබහක් මතුවුණා.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ මෙවර මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයෙකු ලෙයසි ඇතැමුන් ප‍්‍රකාශ කර තිබුණේ.
එම ප‍්‍රකාශයන්ට ප‍්‍රතිචාර දැක්වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ "විනයාගමූර්ති මුරලිදන් ද්‍රවිඩ මහ සභා කියන පක්ෂයෙන් අම්පාර මැතිවරණ කොට්ඨාශය සඳහායි ඉදිරිපත්ව තියෙන්නේ." යනුවෙනි.
848 Views
Comments