ඖෂධ සමාගම්වලට රතු එළියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

ඖෂධ සමාගම්වලට රතු එළියක්

ඖෂධ සමාගම්වලට රතු එළියක්

අනුමැතියකින් තොරව ඖෂධ මිල ඉහළ නංවන ඖෂධ සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

 

ඖෂධ වර්ග කිහිපයක මිල ඉහළ දමා ඇති බවට පලවන වාර්තා සැලකිල්ලට ගනිමින් අදාළ ඖෂධ සමාගම්වලට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ඖෂධ නියාමන අධිකාරිය සදහන් කළේය.

 

අධිකාරියේ අවසරයකින් තොරව ඖෂධ වර්ගවල මිල සංශෝධනයන් සඳහා පියවර ගැනීමට කිසිදු ආයතනයකට නෛතික බලයක් නොමැති බව ද ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙයි.

 

යම් හෙයකින් එමඋපදෙස් කඩකරමින් වැඩි මිලට ඖෂධ අලෙවිකරන්නේ නම් එම සමාගම්වලට එරෙහිව නීතිමය පියවරගැනීමට කටයුතු කරන බව ඖෂධ නියාමන අධිකාරිය පැවසුවේය.

 

views

816 Views

Comments

arrow-up