මංගල ස්වයං විවේචනයකට යයි

නව සමාජ ව්‍යාපාරය බිහි කිරීමට ප්‍රථම වසර 30ක දේශපාලන අත්දැකීම් පිළිබඳ ස්වයං විවේචනයක් රටට ඉදිරිපත් කිරීමට හිටපු අමාත්‍ය මංගල සමරවීර සූදානම් වෙයි.
එම ස්වයං විවේචනය මේ දිනවල ඔහු විසින් ලියමින් පවතින බවත්, එහිදී හිටපු දේශපාලන නායකයකු වන සර් ජෝන් කොතලාවලගේ චරිතාපදානය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත.
දේශපාලන දිවියේදී තමන් අතින් සිදුවූ වැරදි පිළිබඳවද මංගල සමරවීර ස්වයං විවේචනයට ඇතුළත් කර තිබේ. මෙම ස්වයං විවේචනය ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු නව සමාජ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිතය.
මෙවර මහ මැතිවරණයේදී තමන්ට ඡන්දය ලබානොදෙන ලෙස මංගල සමරවීර මාතරදී පසුගියදා ප්‍රකාශ කළේය. මෙම තීරණය පිළිබඳව ඔහු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහටද දැනුම් දී ඇත. තමන්ගේ මතය වෙනුවෙන් සමාජවාදී ව්‍යාපාරයක් බිහි කරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
796 Views
Comments