බුදු පිළිම කැඩුවේත් පුපුරණ ද්‍රව්‍ය සැඟවූයේත් සහරාන්ලා - මෛත්‍රීට කිව්වත් ගණන් ගත්තේ නෑ - ශානි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

බුදු පිළිම කැඩුවේත් පුපුරණ ද්‍රව්‍ය සැඟවූයේත් සහරාන්ලා - මෛත්‍රීට කිව්වත් ගණන් ගත්තේ නෑ - ශානි

බුදු පිළිම කැඩුවේත් පුපුරණ ද්‍රව්‍ය සැඟවූයේත් සහරාන්ලා - මෛත්‍රීට කිව්වත් ගණන් ගත්තේ නෑ - ශානි

මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියක් වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුරණ ද්‍රව්‍ය සොයා ගැනීම යන සිද්ධීන් වලට එකම කණ්ඩායමක් සම්බන්ධ බවටත් එම කණ්ඩායම විසින් ඉදිරියේ දී වඩා විනාශකාරී රියාවක් සිදු කළ හැකි බවටත් පාස්කු ප්‍රහාරයට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අද පාස්කු කොමිසම හමුවේ කියා සිටියා.

 

තමා එසේ ජනාධිපතිවරයාට මේ බව දැනුම් දුන්නත් ජනාධිපතිවරයා ඒ පිළිබඳ කිසිදු උනන්දුවක් නොදැක් වූ බවත් ශානි අබේසේකර පවසනවා.

 

ඒ මහතා අද දිනයේදීත් පාස්කු කොමිසම වෙත සාක්ෂි ලබාදුන්නේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ යි.

 

වනාතවිල්ලුව lacto වත්තෙන් පුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමෙන් පසුව පැමිණි නිගමන පිළිබඳව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වරයා ප්‍රශ්න කර සිටියා.

 

එහිදී ශානි අබේසේකර මහතා පැවසුවේ යම් අපරාධ කණ්ඩායමක් විශාල ජීවිත හානියක් සිදු කිරීමට සැලසුම් කරන බව තමන්ට එහිදී වැටහුණු බවයි.

 

එම අපරාධ කණ්ඩායමේ නායකයා සහරාන් හෂීම් බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට තමන් යටතේ සිටින පොලිස් පරීක්ෂක මාරසිංහ ඇතුළු කණ්ඩායම උත්සාහ ගනිමින් සිටි බවත් ශානි අබේසේකර මහතා පැවැසුවා.

 

සහරාන් පිළිබඳ කරුණු අනාවරණය වී තිබියදීත් අත්අඩංගුවට නොහැකි වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියා.

 

එයට පිළිතුරු දෙමින් ශානි අබේසේකර මහතා කියා සිටියේ සැකකරුවන් රැඳී සිටින ස්ථාන පිළිබඳ තොරතුරු සොයාගන්නේ දුරකථන කුළුණු වාර්තා ඔස්සේ බවයි.

 

සහරාන් ඇතුළු කණ්ඩායම ත්‍රීමා නම් ඇප් එකක් හරහා සබඳතා පවත්වා ඇති බවයි ඔහු පැවසුවේ.

 

එම ඇප් එකේ අයිතිය හිමි සමාගමින් තොරතුරු ඉල්ලූ බවත් ඒ පිළිබඳ ලිඛිත සාක්ෂි තමන් ළග තිබෙන බවත් සාක්ෂිකරු කියා සිටියා.

views

1116 Views

Comments

arrow-up