MAR
09
තවත් කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් ලබන සතියේ දිවයිනට

ඉන්දීය සීරම් ආයතනය ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ කොවිඩ් එන්නත් මාත්‍රා මිලියනය ප්‍රමාදයකින් තොරව ලබාදෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඊයේ (8 වැනිදා) දැනුම් දී තිබෙනවා
ඒ අනුව එළැඹෙන සතියේදී කොවිඩ් එන්නත් ලක්ෂ පහක් සහ ලබන මාසයේදී (අප්‍රේල්) තවත් එන්නත් ලක්ෂ පහක් ලබාදීමට සීරම් ආයතනය එකඟ වූ බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා
සැලසුම් කළ පරිදි කොවිඩ් එන්නත් ලබාදීමට නොහැකි බව සීරම් ආයතනය මීට පෙර නිවේදනය කළේය.
646 Views
Comments