බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමග එක්ව සංවර්ධනයට කැබිනට් අනුමැතිය

කොළඹ දකුණු වරායේ බටහිර බලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමග එක්ව රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
එහි සංවර්ධනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා වන කාලය වසර 35ක්. එම වසර 35 අවසානයේ ආපසු භාර දීමේ පදනම යටතේ මෙම යෝජනාවට අනුමැතිය ලබාදුන් බවයි කැබිනට් මණ්ඩලය නිවේදනය කරන්නේ.
මෙම පර්යන්ත සංවර්ධන කටයුතු සඳහා ආයෝජකයෙකු ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකාව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ ජපන් තානාපති කාර්‍යාලයට ඉල්ලීමක් කර තිබුණා.
ඉන් අනතුරුව ජපන් රජය කිසිදු ආයෝජකයෙකු ඒ සඳහා නම් කර නොමැති අතර ඉන්දීය තානාපති කාර්යාලයේ එකඟතාව මත අදානි සමාගම ඒ සඳහා නම් කර තිබෙනවා.
787 Views
Comments