මාස නවයේ බිළිදාට අමානුෂික ලෙස පහරදුන් අම්මා අත්අඩංගුවට

වයස මාස නවයක් වන කුඩා බිලිදෙකුට අමානුෂික ලෙස පහරදුන් බිලිදාගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අමානුෂික අන්දමින් කුඩා දරුවෙකුට පහර දෙන වීඩියෝවට අදාළ සිද්ධිය යාපනය අරියාලෙයි නාවල්අඩි ප්‍රදේශයේදී සිදු ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
24 හැවිරිදි මව සහ බිලිදා මීට මාසයකට පෙර කුවේටයේ සිට මෙරටට පැමිණ ඇති බව අනාවරණය වී තිබෙනවා.
කුඩා බිළිදා ද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරියට එරෙහිව කෲරත්වයට පත් කිරීමේ චෝදනාව යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි යාපනය පොලිසිය පවසන්නේ.
931 Views
Comments