NOV
27
දුම්රිය මගීන් 30 දෙනෙකුට 91,200 ක් දඩ

පොල්ගහවෙල සිට කොටුව දක්වා ධාවනය කෙරෙන කාර්යාල (ෆවුසි) දුම්රියේ දෙවැනි පන්තියේ මැදිරිවල තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රවලින් ගමන්ගත් මගීන් 30 දෙනෙකු අද (27) අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසනවා.
දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් වේයන්ගොඩ සිට කොටුව දක්වා සිදුකළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවේදී තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍රවලින් දෙවන පන්තියේ මැදිරිවල ගමන් කිරිමේ වරදට මෙම මගීන්ට එක් අයකුට රුපියල් 3040 බැගින් රුපියල් 91,200ක දඩ මුදලක් නියම කළ බවද දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.
727 Views
Comments