NOV
21
රජයේ සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි

සියලුම රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි.
ජනාධිපතිවරයාගේ නියෝගය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරු , සියලුම පළාත් ලේකම්වරුන් සහ ආණ්ඩුකාර ලේකම්වරු වෙත ලිපි යොමුකරමින් මේ බව දැනුම් දී තිබෙනවා.
මෙම තීරණය තමන් යටතේ ඇති ආයතනවල සියලු නිලධාරීන්ට දැනුම් දෙන්නැයි ද ජනාධිපති ලේකම්වරයා ඊයේ (19) යවා ඇති ලිපියෙන් උපදෙස් දී තිබෙනවා.
1623 Views
Comments