කොළඹට එන වාහන වලට වර්ණ 11ක ඉස්ටිකර් - ඔබට ලැබෙන ස්ටිකරයේ වර්ණය මෙන්න

අද (07) සිට අත්‍යවශ්‍ය සේවාවන් සඳහා කොළඹ නගරයට ඇතුළු වන වාහන නව ක්‍රමවේදයක් යටතේ හඳුනා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව සංචරණ සීමා යටතේ දී කොළඹ නගරයට ඇතුළු වන අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරී වල නිරතවන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා වර්ණ 11 කින් යුක්ත ස්ටිකර් වාහන මත ඇලවීම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙහිදී අත්‍යවශ්‍ය සේවා කාණ්ඩ 11 ක් යටතේ මෙම ස්ටිකර් ලබාදීම සිදුකරනු ලබන අතර මෙසේ අලවන ලද ස්ටිකර් සහිත වාහනය වෙනත් කාර්යයන් සඳහා අවභාවිතා කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
2051 Views
Comments