රනිල් නැවතත් පාර්ලිමේන්තු එයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියත් හිමිවේ

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තු යැවීමට අද (31) රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.
පසුගිය මහ මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය මෙතෙක් පැවැතියේ හිස්වයි.
ඒ අනුව අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී එම මන්ත්‍රී ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට සියලු දෙනාගේ ම ඒකමතික අනුමැතිය හිමි වූ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.
1138 Views
Comments