ඉන්ධන මිල ඉහලට ?
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

ඉන්ධන මිල ඉහලට ?

ඉන්ධන මිල ඉහලට ?

ඉන්ධන මිල සංශෝධනයක් කරන ලෙසට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල ඉදිරිපත්කළ ඇමැති මණ්ඩල යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇති බව ” අරුණ” පුවත්පත වාර්තා කර සිටිනවා.

 

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (25) රාත්‍රියේ පැවැත්වුණා.

 

යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මිල සංශෝධනයක් කර ජනතාවට අසීරුතාවට පත් කළ නොහැකි බවයි.

 

හැකි නම් ඉන්ධන සඳහා අය කරන බදු අඩු කිරීමට ඇති හැකියාව මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

 

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 57 දක්වා වැඩි වී ඇති බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පෙන්වා දී තිබේ.

 

එම නිසා සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 16කට අධික පාඩුවක් ලබන බව ඔහු ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇත.

 

 

views

1436 Views

Comments

arrow-up