පනත් කෙටුම්පත් කිහිපයකට කථානායකවරයාගේ අත්සන
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

පනත් කෙටුම්පත් කිහිපයකට කථානායකවරයාගේ අත්සන

පනත් කෙටුම්පත් කිහිපයකට කථානායකවරයාගේ අත්සන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථාවට අනුව පනත් කෙටුම්පත් කිහිපයක් සඳහා 2021 ජනවාරි 18 දින තම සහතිකය සටහන් කළ බව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ( 19 ) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

 

ඒ අනුව

සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ ( සේවය සහ චේතන විධිමත් කිරීමේ ) සංශෝධන පනත,

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ සංශෝධන පනත,

අවම චේතන ( ඉන්දියානු කම්කරු ) සංශෝධන පනත,

කර්මාන්තශාලා සංශෝධන පනත,

දණ්ඩනීත් සංග්‍රහ සංශෝධන පනත,

සාක්ෂි සංශෝධන පනත,

ඇප සංශෝධන පනත සහ බුද්ධිමය දේපළ සංශෝධන පනත

සඳහා තම සහතිකය සටහන් කළ බව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

 

views

609 Views

Comments

arrow-up