සෞඛ්‍ය ඇමතිනීට කොරෝනා ?
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

සෞඛ්‍ය ඇමතිනීට කොරෝනා ?

සෞඛ්‍ය ඇමතිනීට කොරෝනා ?

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව බී.බී.සී සිංහල සේවය පවසයි.

 

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග පැවසු බව එම පුවත් සේවය පෙන්වා දෙයි.

 

කෙසේ වෙතත් සිදුකරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස් නිරෝධායනයවීමට තීරණයකර ඇති බව ද වාර්තා වෙයි.

 

අමාත්‍යවරියගේ ආරක්ෂක අංශ සඳහන් කළේ එවැනි සිදුවීමක් පිළිබඳ මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවය.

 

මේ වනවිට මැති ඇමතිවරුන් තිදෙනෙකු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගැණුනි.

 

අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්මේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඒ අතර වේ.

 

ඔවුන් සියලුදෙනා තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබීය.

 

 

views

1457 Views

Comments

arrow-up