වරාය වෘත්තීය සමිතිවලින් නැගෙනහිර ජැටිය ගැන යෝජනා මාලාවක් රජයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

වරාය වෘත්තීය සමිතිවලින් නැගෙනහිර ජැටිය ගැන යෝජනා මාලාවක් රජයට

වරාය වෘත්තීය සමිතිවලින් නැගෙනහිර ජැටිය ගැන යෝජනා මාලාවක් රජයට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට 49ක් ආණ්ඩුව විදෙස් ආයෝජකයෙකුට ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූ පිළිබද සහ එම පර්යන්තයෙන් රටට අත්වන වාසි පිළිබද සකස් කෙරුණු යෝජනා මාලාවක් වරාය වෘත්තීය සමිති විසින් අද දිනයේ රජය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

 

වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ වරාය වෘත්තීය සමිති අතර සාකච්ජාවක්ද ඉකුත්දා පැවැත්වු අතර එම සාකච්ජාවද අසාර්ථක වුණා.

 

පසුව ජනාධිපතිවරයා වරාය වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබුණේ මේ සම්බන්ධයෙන් යෝජනා මාලාවක් සකස් කර ලබාදෙන ලෙසයි.

 

ඒ අනුව සකස් කරන ලද යෝජනා මාලාව මෙම ගැටලූව සම්බන්ධයෙන් සොයා බැලිමට පත් කෙරුණු කැබිනට් අනුකමිටුව වෙත භාර දෙන බවයි වාණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිශීලි වරාය සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ශ්‍යාමාල් සුමනරත්න මහතා පැවසුවේ

 

 

views

669 Views

Comments

arrow-up