ප්‍රදේශ රැසකට සවස් කාලයේ දී මි.මි 75 ඉක්මවූ වැසි සමඟ ගිගුරුම් සහිත වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

ප්‍රදේශ රැසකට සවස් කාලයේ දී මි.මි 75 ඉක්මවූ වැසි සමඟ ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට සවස් කාලයේ දී මි.මි 75 ඉක්මවූ වැසි සමඟ ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

 

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තදවැසිද ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තදසුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

පුත්තලම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-40) පමණ වේ.

 

සෙසු මුහුදු ප්‍රදේශවල වල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (15-25) පමණ වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මද වශයෙන්රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

 

 

views

705 Views

Comments

arrow-up