පෞද්ගලික අංශයේ සේවකයින්ට රක්ෂණාවරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

පෞද්ගලික අංශයේ සේවකයින්ට රක්ෂණාවරණයක්

පෞද්ගලික අංශයේ සේවකයින්ට රක්ෂණාවරණයක්

 

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කළේය.

 

2023 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

 

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පෞද්ගලික අංශයේ රැකියාවන්හි නිරතවී විවිධ හේතූන් මත රැකියා අහිමි වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව විශාල ලෙස වැඩිවීමේ නැඹුරුතාවයක් දක්නට ලැබෙන බවය.

 

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ මෙය ඉතා සංකීර්ණ සමාජ ගැටලුවකට යොමුවී ඇති බවය.

views

22 Views

Comments

arrow-up