නත්තලට ගෑස් මිල වෙනස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

නත්තලට ගෑස් මිල වෙනස් වෙයි

නත්තලට ගෑස් මිල වෙනස් වෙයි

 

(06) සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් මිල ඉහළ නැංවීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ.

 

මේ අතර ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා, වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ යළි දෙසැම්බර් මාසයේ දී ගෑස් මිල ඉහළ නැංවීමට සිදුවිය හැකි බවය.

 

එමෙන්ම මිල ගණන් වැඩිකිරීමත් සමග හෙට (07) සිට ගෑස් හිඟයකින් තොරව වෙළෙඳපොළේ තිබෙනු ඇතැයි තමා වගකීමෙන් පවසන බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.

 

“කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් අපි හඳුන්වලා දුන්න මිල සූත්‍රයට අනුව රුපියල් 210කින් මිල ඉහළ යෑමට නියමිතයි. නමුත් මුළු රුපියල් 210ම පාරිභෝගිකයින්ට වැඩිකරන්නේ නැතුව රුපියල් 130ක් ලිට්‍රෝ ගෑස් ආයතනය දරාගෙන රුපිල් 80කින් පමණක් 12.5 සිලින්ඩරය වැඩි කරන්නත්, 5kg සිලින්ඩරය රුපියල් 83කින් වැඩිවෙන්න මිල සුත්‍රය අනුව යෝජනා වුණත්. අපි රුපියල් 30කින් විතරයි එම මිල වැඩි කරන්නේ. විශේෂයෙන්ම ධීවර යාත්‍රාවලට අවශ්‍යවන 2.3kg සිලින්ඩරය රුපියල් 37කින් මිල වැඩි වෙන්න නියම වුණත් අපි රුපියල් 15කින් පමණක් මිල වැඩිකරනවා. ඒ විදිහට ඊළඟ මාසයේ කරන්න බැරිවේවි. දෙසැම්බර් මාසයේ සාමාන්‍යයෙන් අපේ කියවීම නත්තල් කාලය සහ යුරෝපාකරයේ ගෑස් ඉල්ලම ඉතාමත් සිඝ්‍රයෙන් ඉහළ යන කාලයක්. ඒ නිසා ඒ කාලය තුළ නැවත වතාවක් මිල ඉහළ යන ප්‍රවණතාවයක් තියෙනවා දෙසැම්බර් මාසයේ. හෙට දවල් 2න් පසු මුළු රටේම හැම ගෑස් අලෙවි සැලකම නිල්ලපාට සිලින්ඩර්වලින් පිරිලා තියෙන්න ඕන. මොකද අපි ඒක වගකීමෙන් කියන්න ඕන. අපි මේ වෙනකොට සැලසුම් සකස් කරලා ඉවරයි.”

views

74 Views

Comments

arrow-up