කොරෝනා අස්සේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ මෙහෙයුමක්

හදිසි අවස්ථාවකදී ප්‍රභූන් ගලවා ගැනීම පිළිබඳ ආරක්ෂක මෙහෙයුමක් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා තිබෙනවා.
බෙල්-12 සහ එම්-18 හෙලිකොප්ටර් දෙකක්, නාවික හමුදා බෝට්ටු, ගිලන් රථ සහ ගිනි නිවන රථ යොදා ගනිමින් එම මෙහෙයුම සිදුකර ඇතැයි සඳහන්.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ගිනි නිවන හමුදාවේද සහභාගිත්වයෙන් මෙම පෙරහුරු ආරක්ෂක මෙහෙයුම සිදු කර තිබෙනවා.
කිසියම් අවස්ථාවකදී ප්‍රභූවරයෙකු පාර්ලිමේන්තුවේ ප්‍රාණ ඇපයට ලක්වූ අවස්ථාවකදී ඔහු මුදා ගැනීම සඳහා ආරක්ෂක අංශ කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී පෙරහුරු පවත්වනු ලැබුවා.
782 Views
Comments