බෝගොල්ලාගම එජාප ජාතික ලයිස්තුවෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි

තමන් එක්සත් ජාතික පක්ෂ මහ මැතිවරණ ජාතික ලැයිස්තුවෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වූ බව හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි.
මේ පිළිබඳ ලිපිය පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට යොමු කළ බව හිටපු අමාත්‍යවරයා සදහන් කළා.
ජූනි මස 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉල්ලා අස්වීම් පිළිගන්නා ලෙසයි ඔහු වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින්නේ.
පක්ෂ දේශපාලන සීමාවලින් ඉවත් වන බවත් ශ්‍රී ලංකාවට මුල්තැන යන ආදර්ශ පාඨය යටතේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තම අභිලාෂය බවත් රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂ නායකයා වෙත කර ඇති දැනුම්දීමේ වැඩිදුරටත් දැක්වුණා.
667 Views
Comments