රුබෙල්ලා සහ සරම්ප රෝග තුරන් කළ ප්‍රථම කලාපීය රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

රුබෙල්ලා සහ සරම්ප රෝග තුරන් කළ ප්‍රථම කලාපීය රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව

රුබෙල්ලා සහ සරම්ප රෝග තුරන් කළ ප්‍රථම කලාපීය රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊසානදිග ආසියානු කලාපීය” රටවල් අතුරින් රුබෙල්ලා සහ සරම්ප රෝග තුරන් කළ ප්‍රථම රටවල් දෙක ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින නම් කර තිබේ. ඒ සඳහා ඉලක්කය වූයේ 2023 වසර ය.

 


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊසානදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් කෙට්‍රපාල් සිං පැවසුවේ, “සියලුම දරුවන් මෙම මාරාන්තික මෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල කළ හැකි රෝගවලින් බේරා ගැනීම වැදගත්” බවයි.

 


වසර තුනක් තුළ එකදු රුබෙල්ලා සහ සරම්ප රෝගියෙකු හමුනොවුණහොත් එම, රට එම රෝග දෙක තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වනු ලබන අතර මාලදිවයිනේ අවසන් වරට සරම්ප රෝගය 2009 දී වාර්තා වූ අතර රුබෙල්ලා රෝගය වාර්තා වූවේ 2015 දීය.

 


ශ්‍රී ලංකාව තුළ සරම්ප අවසන්වරට බහුල ලෙස හමු වී ඇත්තේ 2016 මැයි බවත් අවසන්වරට රුබෙල්ලා රෝගීන් හමුවූවේ 2017 මාර්තු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

 

views

685 Views

Comments

arrow-up