නාකොටික් නිලධාරීන් 12ක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

නාකොටික් නිලධාරීන් 12ක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

නාකොටික් නිලධාරීන් 12ක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන අද (08) අධිකරණයට ඉදිරිපත් කළ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 12දෙනා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

 


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 18 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

 


ඊට අමතරව සිවිල් පුද්ගලයින් කිහිපදෙනෙක් ද අදාළ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

 

views

616 Views

Comments

arrow-up