ජනපතිගේ ප්‍රථම විදෙස් නිල සංචාරය අද
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

ජනපතිගේ ප්‍රථම විදෙස් නිල සංචාරය අද

ජනපතිගේ ප්‍රථම විදෙස් නිල සංචාරය අද

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනාවකට  අනුව දෙදින සංචාරයක් සඳහා අද (28) ඉන්දියාව බලා පිටත්ව යනවා.

 


ජනාධිපති ධුරයේ දිවුරුම්දීමෙන් පසු ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහභාගි වන පළමු විදේශ සංචාරයද මෙය වනවා. 

 


මෙම සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා, ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.ඉන්දීය සෙසු ප‍්‍රභූවරුන් කිහිප දෙනෙකුද හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අපේක්‍ෂා කරනවා.

 


ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආර්යසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල යන රාජ්‍ය නිලධාරීන්ද මෙම සංචාරයට එක්වීමට නියමිතයි.

 


ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරද ධූත මණ්ඩලයට ඇතුළත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

 

views

694 Views

Comments

arrow-up