විධායකයට නඩු බැහැ - කෞතුකාගාර නඩුවෙන් ජනපති නිදොස්කොට නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

විධායකයට නඩු බැහැ - කෞතුකාගාර නඩුවෙන් ජනපති නිදොස්කොට නිදහස්

විධායකයට  නඩු බැහැ - කෞතුකාගාර නඩුවෙන් ජනපති නිදොස්කොට නිදහස්

මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළැයි කියන නඩුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) නියෝග කළා.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බැවින් එම චෝදනා වලින් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව රාජපක්ෂ මහතා නිදහස් කෙරූණා.

 

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම් කිරිමේ නියෝගය ඉවත්කළ විශේෂ මහාධිකරණය ජනාධිපතිවරයාගේ ගුවන් ගමන් බලපත්‍රය ද මුදා හරිනු ලැබුවා.

 

මෙම නඩුවේ සෙසු සැකකරුවන් සම්බන්ධව නඩුව ඉදිරියට ක්‍රියාත්මක කරන බව ද අධිකරණය දැන්වුවා.මෙම නියෝගය දෙනු ලැබුවේ අද (21) මෝසමක් සළකා බැලීමෙන් පසුවයි.

views

843 Views

Comments

arrow-up