ජනාධිපති අපේක්ෂකයන් අද මැතිවරණ කොමිෂන් සභාවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

ජනාධිපති අපේක්ෂකයන් අද මැතිවරණ කොමිෂන් සභාවට

ජනාධිපති අපේක්ෂකයන් අද මැතිවරණ කොමිෂන් සභාවට

ජනාධිපතිවරණයට අදාලව දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිෂන් සභාව අතර  විශේෂ සාකච්ඡාවක් අද (14)  පැවැත්විමට නියමිතව තිබේනවා.

 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ ජනාධිපතිවරණයට පෙර දේශපාලන නියෝජිතයින් සමඟ පවත්වන අවසන් සාකච්ඡාව මෙය බවයි. 

 

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වන දිනයේ කටයුතු සම්බන්ධයෙන් හා ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට නියෝජිතයින් පත් කිරිම පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කිරිමට නියමිතව තිබේනවා.

 

 
මෙම සාකච්ඡාව සදහා මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට, දේශපාලන පක්ෂවල ‍ලේකම්වරුන්ට සහ පක්ෂ නියෝජිතයින්ට ආරාධනා කර ඇති බව සදහන්. 

 

views

584 Views

Comments

arrow-up