මාලි යන්න තවත් හමුදා සාමාජිකයන් 243 ක් සුදානමින් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

මාලි යන්න තවත් හමුදා සාමාජිකයන් 243 ක් සුදානමින් (PHOTOS)

මාලි යන්න තවත් හමුදා සාමාජිකයන් 243 ක් සුදානමින් (PHOTOS)

මාලි රාජ්‍යයේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද හමුදා සාමාජිකයින් 243 දෙනෙකු   සමන්විත යුද හමුදා නව සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය (Combat Convoy Company)  මෙම මස 12, 13 යන දිනයන් හි බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.


 
මාලි රාජ්‍යයේ දැනට  සාමසාධක රාජකාරීවල නිරතව සිටින යුද හමුදා සාමාජිකයින් 196 දෙනෙකුගෙන් සමන්විත සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩය එළඹෙන (14) වැනිදා මව්බිම බලා නැවත පැමිණීමට නියමිතව ඇති බව හමුදාව පවසයි.


 
යුද හමුදාවේ සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩයට රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 අයත් වන අතර  මෙම  කණ්ඩායම ඊයේ (06) කුරුණෑගල  බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමූවා.


 
එහිදී යුද හමුදාපති  ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  ආචාර පෙළපාලිය පරීක්ෂා කළ අයුරු 

 

 

 

 

 

views

728 Views

Comments

arrow-up