මන්ත්‍රි SB ගමන් ගත් වාහනය අවහිර කළ පිරිසකට වෙඩි ප්‍රහාරයක් : දෙදෙනෙක් තුවාලයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

මන්ත්‍රි SB ගමන් ගත් වාහනය අවහිර කළ පිරිසකට වෙඩි ප්‍රහාරයක් : දෙදෙනෙක් තුවාලයි

මන්ත්‍රි SB ගමන් ගත් වාහනය අවහිර කළ පිරිසකට වෙඩි ප්‍රහාරයක් : දෙදෙනෙක් තුවාලයි

ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි. දිසානායක ගමන් කරමින් සිටි රථය පුද්ගලයින් පිරිසක් අවහිර කිරීම හේතුවෙන් මන්ත්‍රිවරයාගේ ආරක්ෂකයින් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

 

එස්.බි.දිසානායක මන්ත්‍රිවරයා ගමන් කරමින් සිටි වාහනය අවහිර කරමින් එම පුද්ගලයින් කටයුතු කිරීම නිසා ඉන් පිටු පසින් පැමිණි මන්ත්‍රිවරයාගේ ආරක්ෂකයින් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා තැලිගම රෝහලට ඇතුලත් කර ඇත

.

සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

897 Views

Comments

arrow-up